Home Theatre පද්ධතියක් පුපුරා ඉන්දියාවේ අලුත විවාහ වූ අයෙක් මරුට

Home Theatre පද්ධතියක් පුපුරා ඉන්දියාවේ අලුත විවාහ වූ අයෙක් මරුට

Home Theatre පද්ධතියක් පුපුරා යාමෙන් අලුත විවාහයට පත් වූ පුද්ගලයෙකු සහ ඔහුගේ සහෝදරයා මියයාමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

විවාහ මංගල ත්‍යාගයක් ලෙස එම Home Theatre පද්ධතිය ලැබී ඇති අතර එය විදුලියට සම්බන්ධ කළ අවස්ථාවේ දී පුපුරා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අලුත විවාහයට පත් වූ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බව සඳහන්.

එමෙන්ම ඔහුගේ සහෝදරයා බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති අතර සිද්ධියෙන් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඉන්දීය පොලිසිය විසින් සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ අදාළ Home Theatre පද්ධතියේ පුපුරණ ද්‍රව්‍ය තිබී ඇති බවයි.

අලුත විවාහයට පත් වූ පුද්ගලයාගේ බිරිඳගේ හිටපු පෙම්වතා විසින් එම Home Theatre පද්ධතිය එවා ඇති බවට හෙළි වී ඇති අතර පසුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This