යුක්‍රේන ජනාධිපති අසල්වැසි පෝලන්තයට

යුක්‍රේන ජනාධිපති අසල්වැසි පෝලන්තයට

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky නිල සංචාරයක් සඳහා අසල්වැසි පෝලන්තයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙහිදී Zelensky විසින් පෝලන්ත නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට සහ පෝලන්තයේ සිටින යුක්රේන සරණාගතයින් හමුවීමට නියමිතයි.

එසේම ඔහු පෝලන්ත ජනාධිපති Andrzej Duda සහ අගමැති Mateusz Morawiecki හමුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කළේ.

එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියට (UNHCR) අනුව රුසියාව යුක්රේනයේ යුද්ධය දියත් කළ දා සිට, පෝලන්තය මිලියන 1.6 කට අධික යුද සරණාගතයින්ට රැකවරණය ලබා දී ඇති බවද සඳහන්.

Share This