එක්සත් ජනපදයට තවත් ටොනේඩෝවක් -5ක් මරුට (PHOTOS)

එක්සත් ජනපදයට තවත් ටොනේඩෝවක් -5ක් මරුට (PHOTOS)

එක්සත් ජනපදයේ ගිණිකොනදිග Missouri ප්‍රදේශය හරහා හමාගිය ටොනේඩෝවක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් පස් දෙනෙකුවත් මියගොස් ඇති බව එරට බලධාරීන් සඳහන් කරනවා.

සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් දිගටම පවතින අතර මෝටර් රථ මත ගස් පෙරළී ඇති අතර නිවාසවලටද දැඩි හානි සිදුව තිබෙනවා.

තාවකාලික නිවාස කිහිපයක සිටි පදිංචිකරුවන් අතුරුදන් වී ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා

මාර්තු 31 සිට ටොනේඩෝ 80කට වඩා එක්සත් ජනපදයේ වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Share This