ජාත්‍යන්තර සාමයට ඇති අභියෝග ගැන ෂැංහයි සැසියේ දී පෙන්වා දෙයි

ජාත්‍යන්තර සාමයට ඇති අභියෝග ගැන ෂැංහයි සැසියේ දී පෙන්වා දෙයි

සියලු ආකාරයේ ත්‍රස්තවාදය සහ එයට මුදල් සැපයීම ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට ඇති බරපතලම තර්ජනයක් බව ඉන්දියාවේ ජාතික උපදේශක අජිත් දෝවාල් පවසනවා.

ඔහු ඒ බව සඳහන් කළේ ඉන්දියාවේ පැවැති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සැසියකට එක්වෙමින්.

ඕනෑම ත්‍රස්තවාදී ක්‍රියාවක් සහ එහි අභිප්‍රේරණය කුමක් වුවත්, එවැනි ක්‍රියා සාධාරණීකරණය කළ නොහැකි බව ද ඔහු සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

කලාපය තුළ ආයෝජනය කිරීමට සහ සම්බන්ධතා ගොඩනැංවීම සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව සූදානම් බවයි එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් පවසා ඇත්තේ.

Share This