විශාලතම dinosaur විශේෂ අතරින් හමුවූ titanosaur

විශාලතම dinosaur විශේෂ අතරින් හමුවූ titanosaur

පාෂාණ විද්‍යාඥයින් වන ක්‍රිස්ටිනා කරි රොජර්ස් සහ කැතරින් ෆෝස්ටර් විසින් මැඩගස්කරයේදී මීටර් 3ක් පමණ දිග ඇති දළ වශයෙන් පිං පොං මේසයක පමණ දිග ඉළ ඇටයක් සොයා ගෙන තිබෙනවා.

දැවැන්ත ශාක අනුභව කරන dinosaur විශේෂයක් වන එම titanosaur විශේෂය පසුව Rapetosaurus krausei ලෙස නම් කර තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා හි මැකලෙස්ටර් විද්‍යාලයේ ජීව විද්‍යාව සහ භූ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන රොජර්ස් පවසන්නේ මෙම කැණීම ඉතා දුෂ්කර කාර්යයක් වන බවයි.

titanosaur ඉතිරිව ඇති අවසාන sauropod dinosaurs වන අතර, ඔවුන් ඉතා දිගු බෙල්ලක්, දිගු වලිග සහ සාපේක්ෂව කුඩා හිස් සහිත විවිධ ශාක භක්ෂක සත්ත්ව කොට වනවා.

මේ වන විට විද්‍යාඥයින් විසින් වසර මිලියන 201 සිට 145 දක්වා ජුරාසික් යුගයේ ජීවත් වූ Brachiosaurus, Diplodocus සහ Apatosaurus වැනි ප්‍රසිද්ධ dinosaur විශේෂ සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This