ඉතාලියේ හිටපු අගමැති රෝහල්ගත කරයි

ඉතාලියේ හිටපු අගමැති රෝහල්ගත කරයි

ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි ලියුකේමියා රෝගයකට ප්‍රතිකාර ලබන බව මිලානයේ රෝහල් වෛද්‍යවරු තහවුරු කර තිබෙනවා.

හුස්ම ගැනීමේ අපහසුතා ඇතිව ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර වෛද්‍යවරුන් සඳහන් කරන්නේ පෙනහළු ආශ්‍රිත ආසාදනයකින් ද පෙළෙන බවයි.

සිව් වතාවක් අගමැති තනතුර හොබවා ඇති 86 හැවිරිදි බර්ලුස්කෝනි මහතා තවමත් ඔහුගේ පක්ෂයට නායකත්වය දෙන අතර තේරී පත් වූ සෙනෙට් සභිකයෙක් බවද විදෙස් මාධ්‍ය පවසනවා.

නමුත් 2020 වසරේ දී ඔහුට Covid-19 වැළඳුණු දා සිට නැවත නැවතත් සෞඛ්‍ය ගැටලු ඇති වී තිබෙන බවයි පැවසෙන්නේ.

සිල්වියෝ බර්ලුස්කෝනි පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉතාලියේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාවට තේරී පත් වූ නමුත් ප්‍රතිකාර ගැනීම සඳහා නැවත නැවතත් රෝහල් ගත වී තිබෙනවා

ඔහු නැවතත් රෝහල් ගතවීම ඉතාලියේ කණස්සල්ලට හේතු වී ඇති අතර එරට වර්තමාන අගමැතිනි මෙලෝනි ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

Share This