ලාභය අඩු නිසා Samsung චිප් නිෂ්පාදනය නවතයි

ලාභය අඩු නිසා Samsung චිප් නිෂ්පාදනය නවතයි

Samsung Electronics වසරේ පළමු කාර්තුවේ මෙහෙයුම් ලාභයේ 96% පහත වැටීම නිසා Memory Chip නිෂ්පාදනය නවතා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලොව විශාලතම Chip නිෂ්පාදකයා වන Samsung සඳහන් කරන්නේ මන්දගාමී ගෝලීය ආර්ථිකය සහ කොරෝනා වසංගතයෙන් පසු අඩු ඉල්ලුම හේතුවෙන් විකුණුම් ලාභය පහත වැටී ඇති බවයි.

Samsung සමාගම කළ මෙම නිවේදනය ඉතා දුර්ලභ නිවේදනයක් බව එරට ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

මූලික සංඛ්‍යාලේඛනවලට අනුව මෙහෙයුම් ලාභය ජනවාරි-මාර්තු කාලය තුළ පෙර වසරේ උපයාගත් ට්‍රිලියන 14 සිට වොන් බිලියන 600කින් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Share This