චෝදනා ලැබූ විගස වස පානය කළ ක්‍රිකට් පුහුණුකරුවා

චෝදනා ලැබූ විගස වස පානය කළ ක්‍රිකට් පුහුණුකරුවා

බාලවයස්කාර ක්‍රිකට් ක්‍රීඩකයෙකු ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී සිටින ඉන්දීය ක්‍රිකට් පුහුණුකරුවෙකු උත්තරකාන්ද් (Uttarakhand) ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ චෝදනා එල්ල වීමෙන් අනතුරුව ඔහු වස පානය කර ඇති අතර පසුව රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත් ඔහු රෝහලෙන් පිටව යාමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එමෙන්ම ලිංගික අතවර කිරීම් සහ ලිංගික අපරාධවලින් ළමුන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ඔහුට නඩු පවරා තිබෙනවා.

මීට අමතරව උත්තරකාන්ද් ප්‍රාන්ත ළමා අයිතිවාසිකම් සුරැකීමේ කොමිසමේ හිටපු සභාපතිනි ඌෂා නේගි (Usha Negi) අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, මධ්‍යම අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ෂා (Amit Shah) සහ තවත් බලධාරීන් කිහිපදෙනෙකු වෙත ද දැනුම් දී ඉල්ලා ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඔහුට දැඩි දඩුවම් ලබා දෙන ලෙසයි

Share This