බිත්තර යොදා ආහාර සැකසීම නැවතූ ජපානයේ අවන්හල්

බිත්තර යොදා ආහාර සැකසීම නැවතූ ජපානයේ අවන්හල්

ජපානයේ අවන්හල් 30% ක් පමණ මෙම වසරේ සිට බිත්තර යොදා ගනිමින් සකසන ආහාර අලෙවිය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

බිත්තරවල මිල ඉහළ යාම සහ කුරුළු උණ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඔවුන් එම තීරණය ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

බිත්තර හිඟයට පිළියම් ලෙස බිත්තර ආනයනය කිරීමට පියවර ගෙන ඇති නමුත් බිත්තර හිඟයක් ද ජපානය තුළ නිර්මාණය වී ඇති බව සඳහන්.

මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් බිත්තර යොදා ගනිමින් සකසන ආහාර අලෙවිය අත්හිටුවා වෙනත් ආහාර සකස් කිරීම සම්බන්ධයෙන් අවන්හල් හිමියන් වැඩි අවධානයක් යොමු කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Share This