උතුරු කොරියාව දිය යට දී න්‍යෂ්ටික අවියක් අත්හදා බලයි

උතුරු කොරියාව දිය යට දී න්‍යෂ්ටික අවියක් අත්හදා බලයි

උතුරු කොරියාව දිය යට දී න්‍යෂ්ටික අවියක් අත්හදා බලා තිබෙනවා.

එය “Haeil-2” ලෙස නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ

එමෙන්ම පසුගිය අප්‍රේල් 4 වනදා සිට ඊයේ (07) දිනය දක්වා දිය යට අවි පද්ධති අත්හදා බැලීම සිදු කළ බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය (KCNA) විසින් අද (08) නිවේදනය කළා

අදාළ අත්හදා බැලීම් පරීක්ෂණයෙන් දිය යට උපාය මාර්ගික අවි පද්ධතිය සම්බන්ධයෙන් විශ්වසනීයත්වය සහ එහි ඇති මාරාන්තික ප්‍රහාරක හැකියාව ද මනාව ඔප්පු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

බලය පෙන්වීමක් ලෙස ඒකාබද්ධ හමුදා අභ්‍යාස පවත්වන අමෙරිකාව සහ දකුණු කොරියාවට එරෙහිව බලය පෙන්වීමක් ලෙස මෑත කාලයේ සිය හමුදා ක්‍රියාකාරකම් වේගවත් කර තිබෙනවා.

Share This