දකුණු ප්‍රංශයේ මහල් ගොඩනැගිල්ලක පිපිරීමක් (PHOTOS)

දකුණු ප්‍රංශයේ මහල් ගොඩනැගිල්ලක පිපිරීමක් (PHOTOS)

දකුණු ප්‍රංශයේ Marseille නගරයේ මහල් ගොඩනැගිල්ලක පිපිරීමකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගොඩනැගිල්ල පිපිරීමෙන් පසු අසල්වැසි මහල් නිවාස කිහිපයක කොටස් කිහිපයක් පැය කිහිපයකට පසු කඩා වැටුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අවට ගොඩනැගිලිවලින් සිටි 200 කට ආසන්න පිරිසක් ඉවත් කර ඇති බවද වාර්තා වනවා .

පිපිරීමෙන් පසු ඇති වූ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් 100කට වැඩි පිරිසක් යෙදවූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

කෙසේ වෙතත්, බලධාරීන් විශ්වාස කරන්නේ ගෑස් කාන්දුවකින් මෙම පිපිරීම සිදුව ඇති බවයි.

Share This