චීන හමුදාව තවදුරටත් තායිවාන යුද අභ්‍යාසයේ

චීන හමුදාව තවදුරටත් තායිවාන යුද අභ්‍යාසයේ

සිය මුහුදු සීමාවේ චීන යුද නෞකා 11ක් සහ ගුවන් යානා 59 ක් සොයාගෙන ඇති බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

චීනය ආරම්භ කළ හමුදා අභ්‍යාසය 3 වන දිනටත් තායිවානය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

තායිවන ජනාධිපතිනි Tsai Ing-wen අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයා හමුවීමට විරෝධය පළ කිරීමක් ලෙස චීනය මෙම හමුදා අභ්‍යාසය සිදු කරන බව සඳහන්.

තායිවන ජනාධිපතිනිය පසුගියදා අමෙරිකාවේ සංචාරයක නිරත වූ අතර ඊට චීනය දැඩි ලෙස විරෝධය පළ කර තිබුණා.

Share This