අමෙරිකාවේ වෙඩි තැබීමකින් පස් දෙනෙකු මියයයි

අමෙරිකාවේ වෙඩි තැබීමකින් පස් දෙනෙකු මියයයි

අමෙරිකාවේ Kentucky ප්‍රාන්තයේ Louisville නගරයේ බැංකුවක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් පස් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එසේම පොලිස් නිලධාරියෙකු ඇතුලු තවත් හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද සඳහන්.

මේ අතර සිද්ධියට සම්බන්ධ සැකකරු මියගොස් ඇති බව එරට පොලිසිය තහවුරු කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ සැකකරු මිය ගියේ කෙසේ ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

එසේම මෙම සිද්ධියෙන් මියගොස් ඇති බවට පැවසෙන පුද්ගලයන් පස් දෙනාගේ සිරුරු අතර සැකකාර වෙඩික්කරුගේ සිරුර තිබේද නැත්ද පිළිබඳව ද මෙතෙක් නිල වශයෙන් සටහනක් නොමැති බවයි පැවසෙන්නේ.

Share This