තායිලන්තයේ නගරයක ජනතාවට එළිමහන් ක්‍රියාකාරකම්වලට තහනමක්

තායිලන්තයේ නගරයක ජනතාවට එළිමහන් ක්‍රියාකාරකම්වලට තහනමක්

තායිලන්තයේ Chiang Mai නගරය සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවට එළිමහනේ ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් වළකින ලෙස එරට රජය දැනුම් දී තිබෙනවා.

ඒ, අදාළ ප්‍රදේශයේ වායු තත්ත්වය මිනිස් ශරීරයට නුසුදුසු බවට තහවුරු කර ගැනීමත් සමගයි.

Chiang Mai තායිලන්තයේ තුන්වන විශාලතම නගරය වන අතර ලැව් ගිනි සහ වගා බිම් සඳහා සිදු කරනු ලබන ගිනි තැබීම් වායුවේ ගුණාත්මකභාවය අහිතකර මට්ටමෙන් ඉහළ යාමට හේතු වී ඇති බව එරට බලධාරීන් සඳහන් කර තිබෙනවා.

Share This