කෙන්යානු පෘථිවි චන්ද්‍රිකාවට බලපෑ අයහපත් කාලගුණය

කෙන්යානු පෘථිවි චන්ද්‍රිකාවට බලපෑ අයහපත් කාලගුණය

Elon Musk ගේ SpaceX සමාගම විසින් කෙන්යාවේ පළමු පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීම පැය 24 කින් ප්‍රමාද කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

කැලිෆෝනියාවේදී මෙම චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීමට සූදානම් කර තිබු අතර එම ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයන් සඳහන් කරමින් එම සමාගම මෙය ප්‍රමාද කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

නැවත මෙම චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීම අප්‍රේල් 12 වන දින වැන්ඩන්බර්ග් ගුවන් හමුදා කඳවුරේදී සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ

මෙම චන්ද්‍රිකාවේ ප්‍රධාන මෙහෙවර වනුයේ කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව, ඉඩම් කළමනාකරණය සහ පාරිසරික අධීක්ෂණ කටයුතු සඳහා දත්ත සැපයීම බවද සඳහන් වනවා

Taifa-1 නැමැති මෙම චන්ද්‍රිකාව සම්පූර්ණයෙන්ම සැලසුම් කර සංවර්ධනය කරන ලද්දේ කෙන්යානු ඉංජිනේරුවන් කණ්ඩායමක් විසින් බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This