එලෝන් මස්ක් Twitter ගැන පසුතැවිල්ලක

එලෝන් මස්ක් Twitter ගැන පසුතැවිල්ලක

Twitter හි ප්‍රධානියා සහ Tesla සහ SpaceX, හි ප්‍රධාන විධායක නිලධාරී එලෝන් මස්ක් බීබීසී පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Twitter මූලස්ථානයේදී BBC වාර්තාකරු ජේම්ස් ක්ලේටන් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ මස්ක් පවසන්නේ Twitter මිලදී ගත්තේ ඔහුට අවශ්‍ය නිසාම පමණක් බවයි

නමුත් සමාගම පවත්වාගෙන යාම තරමක් අසීරු බවයි ඔහු පවසන්නේ

Twitter මිලදී ගැනීමෙන් පසු කොපමණ පිරිසක් සේවයෙන් පහ කර ඇත්දැයි මස්ක්ගෙන් විමසූ විට ඔහු පවසන්නේ තමා සමාගම මිලදී ගන්නා විට එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 8,000 කට අඩු සංඛ්‍යාවක් සිටි බවත්, දැන් එහි “1,500” සිටින බවත්ය.

බොහෝ දෙනෙකුව ඉවත් කිරීම කොතරම් අපහසු දැයි ඇසූ විට, මස්ක් පවසන්නේ එය සමහර විට වේදනාකාරී දෙයක් විය හැකි බවත් සෑම කෙනෙකුම පෞද්ගලිකව සේවයෙන් ඉවත් නොකරන බවයි

මෙම සම්මුඛ සාකච්ඡාවේදී යමෙකු ඔහුට ඩොලර් බිලියන 44ක් මේ මොහොතේ ලබා දුන්නේ නම්, ට්විටර් විකුණන්නේද? යනුවෙන් ඇසුවිට ඔහු පවසන්නේ නැත යනුවෙනුයි .

Twitter මිලදී ගැනීම සම්බන්ධයෙන් මස්ක් පසුතැවිලි වන්නේ දැයි BBC වාර්තාකරු වැඩිදුරටත් ඇසූවිට පසුතැවිල්ල ඉහළ ගොස් ඇති බවයි

Share This