එංගලන්තය ගැන IMF කනස්සල්ල

එංගලන්තය ගැන IMF කනස්සල්ල

මෙම වසරේ ලොව ධනවත්ම ආර්ථිකයන් හිමි ජී. 20 රටවල් අතරින් එංගලන්තය දුර්වල ආර්ථිකයක් හිමි රටක් බවට පත්වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එහි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Pierre-Olivier Gourinchas මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

ඒ අනුව එංගලන්තයේ ආර්ථිකය 0.3%කින් හැකිලෙනු ඇති අතර ඊළඟ වසරේ 0.1%කින් එංගලන්ත ආර්ථිකය වර්ධනය විය හැකි බව ඔහු පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම ලෝක ආර්ථිකය අඩු ආර්ථික වර්ධනයක් සහ ඉහළ මූල්‍ය අවදානමක් සහිත “අනතුරුදායක අවධියකට” අවතීර්ණ වෙමින් සිටින බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය නවතම තක්සේරු කිරීම්වලින් අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Share This