බ්‍රසීල ජනපති චීනයට

බ්‍රසීල ජනපති චීනයට

බ්‍රසීල ජනාධිපති Luiz Inacio Lula da Silva සංචාරයක් සඳහා චීනය වෙත පැමිණ තිබෙනවා.

දෙරටේ ආර්ථික සහයෝගීතාවය ඉහළ නැංවීමේ අරමුණින් බ්‍රසීල ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චීනය ආසියාවේ විශාලතම ආර්ථිකය හිමි රට වන අතර බ්‍රසීලය, ලතින් අමෙරිකානු කලාපයේ දැවැන්තම ආර්ථිකය හිමි රට ලෙස සැළකෙනවා.

ඒ අනුව බ්‍රසීල ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ඉහළ වැදගත්කමකින් යුක්ත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම සංචාරය අතරතුර දී බ්‍රසීල ජනාධිපති Luiz Inacio Lula da Silva සහ චීන ජනාධිපති Xi Jinping අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.

Share This