ලෝක බැංකුවෙන් යුක්‍රේනයට ඩොලර් මිලියන 200 ක්

ලෝක බැංකුවෙන් යුක්‍රේනයට ඩොලර් මිලියන 200 ක්

යුක්‍රේනයේ බලශක්ති සහ තාපන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200 ක් ලබාදෙන බවට ලෝක බැංකුව නිවේදනය කර තිබෙනවා.

එරට Transformers, Mobile Heat Boilers ඇතුළු සෙසු හදිසි තාක්ෂණික අලුත්වැඩියාවන් සඳහා එම අරමුදල් සම්පාදනය කිරීම සිදු කරන බවයි ලෝක බැංකුව සඳහන් කර ඇත්තේ.

දැනටමත් ලෝක බැංකුව විසින් යුක්‍රේනය වෙත අවස්තාවන් කිහිපයකදීම හදිසි අරමුදල් සම්පාදනය කර තිබෙනවා.

රුසියානු ආක්‍රමණය හමුවේ යුක්‍රේනයේ බලශක්ති යටිතල පහසුකම්වලට අමෙරිකානු ඩොලර් බිලියන 11 ක පමණ හානියක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Share This