උතුරු කොරියාව නව වර්ගයේ බැලැස්ටික් මිසයිලක් අත්හදා බලයි

උතුරු කොරියාව නව වර්ගයේ බැලැස්ටික් මිසයිලක් අත්හදා බලයි

උතුරු කොරියාව නව වර්ගයේ බැලැස්ටික් මිසයිලක් අත්හදා බලා තිබෙනවා

ඒ අනුව මෙය අත්හදා බැලීම උතුරු කොරියාව විසින් සිදු කරන ලද තහනම් අවි අත්හදා බැලීම් මාලාවක නව අවස්ථාවක් වනවා.

උතුරු කොරියාව මෙම වසරේ බලවත්ම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල කිහිපයක් මේ වන විටත් අත්හදා බලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

කෙසේ වෙතත් ජපානය පැවසුවේ මිසයිලය රටේ භූමිය තුළට වැටී නොමැති බවයි.

එමෙන්ම මිසයිලය කිලෝමීටර් 1,000ක් දුරක් පියාසර කළ අතර එය “මධ්‍යම දුර හෝ දිගු” බැලස්ටික් මිසයිලයක් ලෙස අනාවරණය කරගත් බවයි සෝල් හමුදාව ප්‍රකාශ කළේ

 

 

Share This