The Script  ගිටාර් වාදක Mark Sheehan මිය යයි

The Script ගිටාර් වාදක Mark Sheehan මිය යයි

අයර්ලන්ත රොක් සංගීත කණ්ඩායමක් වන The Script හි සම-නිර්මාතෘ සහ ගිටාර් වාදකයෙකු වූ මාර්ක් ෂීහාන් මිය ගොස් තිබෙනවා.

46 හැවිරිදි ඔහු කලක සිට අසනීප තත්ත්වයේ පසුවූ අතර ඊයේ(14) රෝහලේදී මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ෂීහාන් 2001 දී ගායන ශිල්පී ඩැනී ඕ’ඩොනොග් සහ ග්ලෙන් පවර් සමඟ The Script සංගීත කණ්ඩායම පිහිටුවාගෙන තිබෙනවා.

ෂිහාන් ආදරණීය ස්වාමිපුරුෂයෙක්, පියෙක්, සහෝදරයෙක්, සංගීත සහකරුවෙක් සහ මිතුරෙකු බව The Script සංගීත කණ්ඩායම ඔහුගේ මරණයට ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කරනවා.

අයර්ලන්ත ජනාධිපති මයිකල් ඩී හිගින්ස් පැවසුවේ ෂීහාන් ලෝක වේදිකාවේ අයර්ලන්ත සංගීත සාර්ථකත්වයේ “විශිෂ්ට” උදාහරණයක් බවයි.

“එක්සත් රාජධානියේ අංක එකේ ඇල්බම හයක් සහ එක්සත් ජනපදයේ අංක තුනේ ඇල්බමයක් ඇතුළුව ලොව පුරා එවැනි සාර්ථකත්වයක් දැකීමට මාර්ක් සහ ඔහුගේ සංගීත කණ්ඩායම The Script කණ්ඩායමට හැකිවූ බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Share This