ඉන්දීය විදේශ අමාත්‍යවරයෙකු පළමු වරට මොසැම්බික් රාජ්‍යයේ සංචාරයක

ඉන්දීය විදේශ අමාත්‍යවරයෙකු පළමු වරට මොසැම්බික් රාජ්‍යයේ සංචාරයක

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මොසැම්බික් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක නිරත වුණා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයෙකු නිල සංචාරයක් සඳහා මොසැම්බික් වෙත පැමිණි පළමු අවස්ථාව එය බවයි සැලකෙන්නේ.

දෙරට අතර ද්විපාර්ශ්වීය සහයෝගිතාව ශක්තිමත් කර ගැනීම එම සංචාරයේ අරමුණ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ මොසැම්බික් සංචාරය අතරතුරදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ නිෂ්පාදනය කර එරටට ලබාදුන් දුම්රියකද ගමන් කළ බවයි.

දුම්රිය ගමන අතරතුර ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ මොසැම්බික් රාජ්‍යයේ ප්‍රවාහන අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.

එහිදී අවධානය යොමුව ඇත්තේ දුම්රිය ජාලවල කටයුතු පුළුල් කිරීමට ඉන්දියාව සහය ලබාදිය යුත්තේ කෙසේ ද යන්න සම්බන්ධවයි.

 

Share This