රුසියාවේ දේශපාලන ක්‍රියාකාරිකයෙකුට වසර 25ක සිරදඬුවමක්

රුසියාවේ දේශපාලන ක්‍රියාකාරිකයෙකුට වසර 25ක සිරදඬුවමක්

යුක්‍රේනයේ පවතින යුද්ධය විවේචනය කිරීම සහ ඒ හා සම්බන්ධ චෝදනා රැසක් සම්බන්ධයෙන් රුසියාවේ දේශපාලන ක්‍රියාකාරිකයෙකුවන Kara-Murza ට වසර 25 ක සිරදඬුවම් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මොස්කව් නගර අධිකරණය විසින් මෙම දඬුවම නියම කර තිබෙනවා

ඔහු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ .

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනය විවේචනය කරමින් පැවති සම්මුඛ සාකච්ඡාවකින් පැය කිහිපයකට පසුව Kara-Murza මුලින් සිරභාරයට ගැනුණේ මීට වසරකට පෙරදී යි

Kara-Murza රුසියානු දේශපාලන ක්‍රියාකාරිකයෙකු, මාධ්‍යවේදියෙකු, ලේඛකයෙකු සහ චිත්‍රපට නිෂ්පාදකයෙක් වන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This