උණුසුම් කාලගුණයෙන් ඉන්දියාවේ 11ක් මරුට

උණුසුම් කාලගුණයෙන් ඉන්දියාවේ 11ක් මරුට

උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.

විවෘත භූමියක දැඩි හිරු රශ්මිය යටතේ පැය කිහිපයක් පුරා පැවති සම්මාන ප්‍රදානෝත්සවයකට සහභාගී වූ පිරිසක් මෙලෙස මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විජලනය හේතුවෙන් මෙම පිරිස මියගොස් ඇති බව මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම උත්සවය පැවති ස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 ක් ලෙස වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මියගිය පුද්ගලයින් වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 5 ක වන්දියක් ගෙවීමට ද මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.

Share This