කෘත්‍රිම බුද්ධිය මානව ශිෂ්ටත්වය විනාශ කරනවා – Elon Musk

කෘත්‍රිම බුද්ධිය මානව ශිෂ්ටත්වය විනාශ කරනවා – Elon Musk

කෘත්‍රිම බුද්ධිය මානව ශිෂ්ටත්වය විනාශයට හේතු විය හැකි බව Elon Musk පවසනවා.

Elon Musk ට අයත් බොහෝ සමාගම් කෘත්‍රිම බුද්ධිය වර්ධනයට සම්බන්ධ වී සිටියදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙලෙස අදහස් පළකළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

AI නොහොත් කෘත්‍රිම බුද්ධිය, වැරදි ලෙස කළමනාකරණය හා සැලසුම් කරන ලද ගුවන් යානා හා මෝටර් රථ නිෂ්පාදනය කිරීමට වඩා භයානක බව ඔහු පවසා තිබෙනවා.

ගූගල් සහ මයික්‍රොසොෆ්ට් වැනි තාක්ෂණික දැවැන්තයින් ඇතුළු සාමාන්‍ය පාරිභෝගික භාවිතය සඳහා AI නිෂ්පාදන බහුල වීම මධ්‍යයේ Elon Musk කෘතීම බුද්ධියේ අන්තරායන් පිළිබඳව මෑතකදී නැවත නැවතත් අනතුරු අඟවා තිබෙනවා.

AI සංවර්ධනයට මාස හයක විරාමයක් ඉල්ලා විවෘත ලිපියක් අත්සන් කිරීමට Elon Musk පසුගිය මාසයේදී වෙනත් තාක්ෂණික සමාගම්වල නායකයින් කණ්ඩායමක් සමඟ එක් වී තිබෙනවා.

කෘත්‍රිම බුද්ධිය යනු යම් පාලන මට්ටමක තිබිය යුතු තාක්ෂණයක් වන අතර එය සංවර්ධනය වෙමින් පවතින කාලයේදීම ඒ සඳහා රජයන් එක්ව යම් යම් රෙගුලාසි පැනවිය විය යුතු බව ඔහු පවසා තිබෙනවා.

කෘත්‍රිම බුද්ධිය වර්ධනය අවසන් වීමෙන් පසුව රෙගුලාසි පැනවීම නිෂ්ඵල ක්‍රියාවක් වන බව Elon Musk පැවසූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This