පාකිස්ථානයේ අධිවේගී මාර්ගයක දැවැන්ත නාය යෑමක්-ලොරි රථ කිහිපයක් පෙරළීමෙන් දෙදෙනෙක් මරුට (VIDEO)

පාකිස්ථානයේ අධිවේගී මාර්ගයක දැවැන්ත නාය යෑමක්-ලොරි රථ කිහිපයක් පෙරළීමෙන් දෙදෙනෙක් මරුට (VIDEO)

පාකිස්ථානයේ Torkham දේශසීමා හරස් මාර්ගයේ ප්‍රධාන අධිවේගී මාර්ගයක සිදුවූ දැවැන්ත නාය යෑමක් නිසා ගමන් කරමින් තිබූ ලොරි රථ කිහිපයක් පෙරළී යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඇෆ්ගනිස්තානය බලා ගමන් කරමින් සිටි ලොරි රථ කිහිපයක් මෙම නාය යාමෙන් පෙරළී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

නාය යෑමෙන් අතුරුදන් වී ඇති ගණන මෙතෙක් වාර්තා වී නැති බවයි පැවසෙන්නේ.

ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ නාය යාමෙන් විපතට පත් ලොරි රථ රියදුරන් සහ අනෙකුත් පුද්ගලයින් බේරා ගැනීමට ගිනි නිවන භටයින් සහ සහනකරුවන් උත්සාහ කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තුවාලකරුවන් අසල රෝහලකට ගෙන යන ලද අතර ස්වේච්ඡා සේවකයන් දිවි ගලවා ගත් අය සෙවීමට එක්ව ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

සිරුරු දෙකක් එම ස්ථානයෙන් පිටතට ගෙන ඇති අතර පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Share This