අමෙරිකාවේ මහල් කිහිපයකින් යුත් රථගාලක් කඩා වැටෙයි -අයෙක් මරුට -5කට තුවාල -(VIDEO)

අමෙරිකාවේ මහල් කිහිපයකින් යුත් රථගාලක් කඩා වැටෙයි -අයෙක් මරුට -5කට තුවාල -(VIDEO)

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ මහල් කිහිපයකින් යුත් රථගාලක් අර්ධ වශයෙන් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව එරට බලධාරීහු සඳහන් කර තිබෙනවා.

මහල් හතරකින් යුත් මෙම ගොඩනැගිල්ලේ දෙවන මහල මුලින්ම කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බලධාරීන් සඳහන් කරන්නේ ගොඩනැගිල්ලේ සිටි සියලුම සේවකයින් පිළිබඳව සොයා බලා ඇති බවත් මේ වනවිට ඔවුන් සියලුම දෙනා ගොඩනැගිල්ලෙන් පිටත සිටින බවත්ය.

තුවාල ලැබූ එක් සේවකයෙකු ඉහළ මහලක සිරවී සිටියදී ගිනි නිවන භටයන් විසින් ඔහුව වහලය හරහා වෙනත් ගොඩනැගිල්ලකට ගෙන ගොස් ආරක්ෂිතව බේරා ගෙන තිබෙනවා.

කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගොඩනැගිලි දෙපාර්තමේන්තු නිලධාරීන් අවට ගොඩනැගිලිවලට කිසියම් හානියක් සිදුවී ඇත්දැයි පරීක්ෂා කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This