යළි රැකියා කප්පාදුවකට සැරසෙන Meta

යළි රැකියා කප්පාදුවකට සැරසෙන Meta

Meta සමාගම විසින් Facebook, WhatsApp, Instagram හි තවත් සේවකයින් පිරිසක් ඉදිරි කාලය තුළ ඉවත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ Meta සමාගම විසින් දැනටමත් එහි සේවකයින් 11,000 කට අධික පිරිසක් ඉවත් කර ඇති බවයි.

මෙම සතිය තුළ Meta නිර්මාතෘ Mark Zuckerberg විසින් එම රැකියා කප්පාදුව සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව Bloomberg වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම සහ වැඩි කාර්යක්ෂමතාවයක් ලඟා කර ගැනීමේ අරමුණින් යුතුව Mark Zuckerberg විසින් රැකියා කප්පාදුව සිදු කිරීමට තීරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව අප්‍රේල් සහ මැයි මස අවසානයේ දී එම රැකියා කප්පාදුව සිදු කෙරෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Share This