පොප් තරුව නාන තටාකයේදී මිය ගොස් ඇත්තේ මත්ද්‍රව්‍යවල බලපෑම හේතුවෙන්

පොප් තරුව නාන තටාකයේදී මිය ගොස් ඇත්තේ මත්ද්‍රව්‍යවල බලපෑම හේතුවෙන්

එක්සත් ජනපද පොප් තරුවක් වන Aaron Carter පසුගිය නොවැම්බර් මාසයේ දී මිය ගිය අතර ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

නිවසේ සේවිකාවක් විසින් Aaron Carter නිවසේ නාන තටාකයේ ගිලී මිය ගොස් තිබියදී දැක තිබුණ අතර ඒ අනුව බලධාරීන් විසින් විමර්ශන ආරම්භ කරනු ලැබුවා

ඔහු විසින් ගන්නා ලද මත්ද්‍රව්‍යවල බලපෑම හේතුවෙන් ඔහු දියේ ගිලී ඇති බවයි මරණ පරීක්ෂණ වාර්තාවේ දක්වා තිබෙන්නේ.

34 හැවිරිදි Aaron Carter , Backstreet Boys සංගීත කණ්ඩායමේ Nick Carter ගේ බාල සොහොයුරාද වනවා.

Aaron Carter සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ Backstreet Boys සංගීත කණ්ඩායමේ ප්‍රසංග ගණනාවකට සහභාගී වීමෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී තිබුණු බවයි සඳහන් වන්නේ

Share This