සාරියකින් සැරසී කිලෝ මීටර් 42ක් මැරතන් දිවූ කාන්තාව

සාරියකින් සැරසී කිලෝ මීටර් 42ක් මැරතන් දිවූ කාන්තාව

සාරියකින් සැරසී කිලෝ මීටර් 42ක් මැරතන් දිවූ කාන්තාව

ඔඩිෂාවේ කාන්තාවක් සාරියකින් සැරසී කිලෝමීටර් 42.5ක මැරතන් තරගයකට සහභාගීවී තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ මැන්චෙස්ටර් හිදී පැවැත්වූ මෙම මැරතන් තරගය 41 හැවිරිදි මධුස්මිතා ජෙනා දාස් පැය 4 යි මිනිත්තු 50 කින් නිමා කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ට්විටර් පරිශීලකයෙකු මෙම උත්සවයේ ඡායාරූප හුවමාරු කරගෙන ඇති අතර එහි දී දාස් මහත්මිය අනෙකුත් සහභාගිවන්නන් සමඟ මැරතන් තරගයට සහභාගී වන අයුරු දැක්වෙනවා.

මධුස්මිතා ජෙනා දාස් ලොව පුරා මැරතන් ධාවන තරග රාශියකට සහභාගී වී තිබෙනවා. ඇයගේ නවතම දස්කම් සමඟින්, ජෙනා මහත්මිය එක්සත් රාජධානිය තුළ ඔඩියා ප්‍රජාව අභිමානයට පත් කළ බවයි සමාජ මාධ්‍ය තුළ මේ වන විට හුවමාරු වන්නේ.

ඔඩීෂාහි සංස්කෘතිය ලොවට ප්‍රදර්ශනය කිරීම ගැන බොහෝ දෙනා ඇයව අගය කරන අතර සාරියක් ඇඳගෙන කිලෝමීටර් 42කට වඩා දුරක් මැරතන් ධාවනයේ යෙදීම සුවිශේෂී අවස්ථාවක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This