AI යොදාගත් බවට හෙළිවීමෙන් පසු චිත්‍ර ශිල්පියෙක් සම්මානය ප්‍රතික්ෂේප කරයි

AI යොදාගත් බවට හෙළිවීමෙන් පසු චිත්‍ර ශිල්පියෙක් සම්මානය ප්‍රතික්ෂේප කරයි

ජර්මානු චිත්‍ර ශිල්පියෙකු ඔහු AI නොහොත් කෘත්‍රිම බුද්ධිය භාවිතා කළ බවට හෙළි වීමෙන් පසු කීර්තිමත් ජාත්‍යන්තර ඡායාරූප තරඟයක සම්මානයක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

බර්ලිනයේ පදිංචි Boris Eldagsen ඔහුගේ “Pseudomnesia: The Electrician” චිත්‍රය සඳහා මෙම වසරේ Sony World Photography සම්මාන උළෙලේ නිර්මාණාත්මක විවෘත කාණ්ඩයේ සම්මානය දිනා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු නිර්මාණය කරන ලද විචිත්‍රවත් කළු සහ සුදු රූපයේ දැක්වෙන්නේ පරම්පරා දෙකක කාන්තාවන් දෙදෙනෙක් වන අතර වැඩිමහල් කාන්තාව බාල කාන්තාව පිටුපසින් එල්ලී සිටින ආකාරයෙන් මෙම චිත්‍රය නිරුපණය කර තිබෙනවා.

සංවිධායකයින් පවසන්නේ මෙම චිත්‍රය සඳහා AI මැදිහත්වීම් පිළිබඳව ඔවුන් දැනුවත් කළ නමුත් ඔවුන් නොමඟ යැවීමට කළ උත්සාහයන් සේ සිතා ඒවා නොසලකා හැරි බවයි.

මෙම ක්‍රියාව වටා සංවාදය විවෘත කර AI යොදාගත් චිත්‍ර සඳහා වෙනම තරගයක් පැවැත්වීමට සංවිධායකයින්ට කටයුතු කිරීමට දැන් කාලය පැමිණ ඇති බව Boris Eldagsen පවසනවා.

කෘත්‍රිමව ජනනය කරන ලද චිත්‍ර වටා සංවාදයක් විවෘත කිරීමට ඔහු මෙවැනි උපක්‍රමයක් භාවිතා කළ බව Eldagsen ඔහුගේ වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා.

කීර්තිමත් ජාත්‍යන්තර චිත්‍ර තරඟයකින් ජයග්‍රහණය කළ පළමු AI ජනනය කළ චිත්‍රය මෙය වන බැවින් ඔහුගේ චිත්‍රය තෝරාගෙන ඓතිහාසික අවස්ථාවක් බවට පත් කිරීම ගැන ඔහු සංවිධායක මණ්ඩලයට ස්තූතිය පළකර තිබෙනවා.

AI චිත්‍ර සහ ඡායාරූප මෙවැනි සම්මානයකදී එකිනෙකා සමඟ තරග නොකළ යුතු බවත් ඒවා එකිනෙකට වෙනස් වන නිසා ඉදිරියේදී AI භාවිතයෙන් සිදු කරන නිර්මාණ සඳහා වෙනම තරග නිර්මාණය විය යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Share This