FBI ප්‍රධානියෙකු ඉන්දියාවට

FBI ප්‍රධානියෙකු ඉන්දියාවට

අමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) ජාත්‍යන්තර මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ Raymond Duda ඉන්දියාවට පැමිණ තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය පැවසුවේ ඉන්දියාවේ නීතිය බලාත්මක කිරීමේ ආයතන සමඟ පවතින සහයෝගීතාවය වර්ධනය කර ගැනීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණ බවයි.

ඉන්දියාවේ අමෙරිකානු තානාපති ලෙස වැඩ භාරගත් එරික් ගාර්සෙට්ටි විසින් FBI නිලධාරියා පිළිගත් බවයි වාර්තා වන්නේ.

ගාර්සෙට්ටි ද ඉන්දියාවේ අමෙරිකානු තානාපතිවරයා ලෙස වැඩ භාර ගෙන ඇත්තේ ඉකුත් අඟහරුවාදායි.

ඔහු එහිදී තානාපති කාර්යාලයේ සියලුම සාමාජිකයින් හමුවි සාකච්ඡා කළ බව ද ඉන්දිය මාධ්‍ය වාර්තා කළා.

Share This