දෙමුහුන් සූර්යග්‍රහණය ඕස්ට්‍රේලියානුවන් දුටු අයුරු (VIDEO)

දෙමුහුන් සූර්යග්‍රහණය ඕස්ට්‍රේලියානුවන් දුටු අයුරු (VIDEO)

දෙමුහුන් සූර්යග්‍රහණය බටහිර ඕස්ට්‍රේලියාවේදී දැකීමට හැකිව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් වූ වීඩියෝවක් bbc පුවත් සේවය පළ කර තිබෙනවා.

සූර්යග්‍රහණය අවස්ථාවේදී තත්පර 60ක් පමණ අහස අඳුරු වී ඇති අතර චන්ද්‍රයා එම ප්‍රදේශයට කිලෝමීටර් 40ක් පමණ පළල සෙවනැල්ලක් ලෙස පතිත වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ.

පූර්ණ සූර්යග්‍රහණය දුර්ලභ දෙමුහුන් ග්‍රහණයක කොටසක් වන අතර එය සියවසකට කිහිප වතාවක් පමණක් සිදුවනවා

ආසියා පැසිෆික් කලාපයේ අනෙකුත් ප්‍රදේශ හරහා ද අර්ධ සූර්යග්‍රහණ දර්ශනය වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මෙම සූර්යග්‍රහණය ඉන්දියන් සාගරයේ පෙරවරු 7.04 ට ආරම්භ වූ අතර පැසිෆික් සාගරයේ හිරු බැස යෑමෙන් අවසන් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

සමහරු පූර්ණ සූර්යග්‍රහණයක් දුටු අතර තවත් අයට දිස්වී ඇත්තේ වළයාකාර සූර්යග්‍රහණයක් බවද විදෙස් මාධ්‍ය පවසනවා

දෙමුහුන් සූර්යග්‍රහණ ඉතා දුර්ලභ වන අතර මෙවර එය ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයේ බොහෝ රටවලට දෘෂ්‍යමාන නොවන බවද සඳහන් වනවා

කෙසේවෙතත් මෙම දෙමුහුන් සූර්යග්‍රහණය නැරඹීම සඳහා බොහෝ ඕස්ට්‍රේලියානුවන් එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This