ලොව බලවත්ම SpaceX’s Starship රොකට්ටුව ගුවනට

ලොව බලවත්ම SpaceX’s Starship රොකට්ටුව ගුවනට

ලොව බලවත්ම මෙන්ම විශාලතම රොකට්ටුව වන SpaceX’s Starship අද (20) ටෙක්සාස් හි පරීක්ෂණ පියාසැරියක් අතරතුර ගුවන්ගත වීමෙන් පසුව පුපුරා ගොස් තිබෙනවා

එය දකුණු ටෙක්සාස් වෙරළ තීරයේ දියත් කිරීමේ මණ්ඩපයකින් ගුවන් ගත කෙරුණා

මෙය එන්ජින් 33කින් සමන්විත බව සඳහන්

SpaceX ට්විටර් සටහනක් තබමින් පැවසුවේ, කණ්ඩායම් දත්ත සමාලෝචනය කර මීළඟ පියාසැරි පරීක්ෂණය සඳහා දිගටම කටයුතු කරන අතර රොකට්ටුව පිපිරීමකින් අවසන් වුවද, පරීක්ෂණ සමාගමේ අරමුණු කිහිපයක් සපුරා ගෙන ඇති බවයි

ස්ටාර්ෂිප් රෙකට්ටුව මගින් මිනිසුන් සහ භාණ්ඩ යන දෙකම පෘථිවි කක්ෂයට, සඳට සහ ඉන් ඔබ්බට ගෙන යාමට සැලසුම් කර ඇති සම්පූර්ණයෙන්ම නැවත භාවිත කළ හැකි ප්‍රවාහන පද්ධතියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ

මීට අමතරව එය නැවත භාවිතා කළ හැකි ඉන්ධන මෙට්‍රික් ටොන් 150ක් දක්වා ගෙන යා හැකි ලොව බලවත්ම රොකට්ටුව බව සඳහන්

Share This