එකම පවුලේ 10 දෙනෙකුට මරු කැඳවූ වෙඩි තැබීම

එකම පවුලේ 10 දෙනෙකුට මරු කැඳවූ වෙඩි තැබීම

දකුණු අප්‍රිකාවේ සිදු වූ වෙඩි තැබීමකින් එකම පවුලේ 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

නාඳුනන තුවක්කුකරුවෙකු විසින් නිවසක් තුළට ඇතුළු වී වෙඩි තබා ඔවුන් ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා හඳුනාගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

පුද්ගලයින් ඝාතනය කිරීමේ සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වන ලොව පුරා රටවල් අතර දකුණු අප්‍රිකාව පෙරමුණේ පසුවන බව සඳහන්.

එමෙන්ම මෑත වසර කිහිපය පුරාම එරටින් වෙඩි තැබීමේ සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වී තිබුණා.

Share This