ස්කොට්ලන්තයේ දූපතක් අලෙවියට

ස්කොට්ලන්තයේ දූපතක් අලෙවියට

ස්කොට්ලන්තයේ දකුණු වෙරළ තීරයේ පිහිටි දූපතක් අමෙරිකානු ඩොලර් 190,000 කට අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා.

ජනාවාස රහිත දූපතක් වන එය ශීත ඍතුවේ දී පශු සම්පත් සහ අනෙකුත් විශේෂ අවශ්‍යතා සඳහා ජලය සපයන පොකුණකින් සමන්විත වුවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අක්කර 25 ක පමණ විශාලත්වයකින් යුත් එම දූපත, මුහුද දක්වා විහිදෙන තණකොළවලින් සහ හරිත පාෂාණවලින් සමන්විත වන අතර විශාලතම මුහුදු පක්ෂි ගහණයෙන් ද එය යුක්ත වන බව සඳහන්.

දැනට එම දූපතේ ගොඩනැගිලි නොමැති අතර එහි ඉදිකිරීම් සඳහා පවතින අවස්ථා පිළිබඳව දේශීය සැලසුම් අධිකාරිය සමඟ සාකච්ඡා කරන ලෙස ගැනුම්කරුට උපදෙස් ලබා දීමට ද නියමිතව තිබෙනවා.

Share This