පුටින්ගේ ප්‍රකාශකවරයාගේ පුතා යුක්‍රේන යුද බිමට

පුටින්ගේ ප්‍රකාශකවරයාගේ පුතා යුක්‍රේන යුද බිමට

ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව්ගේ 33 හැවිරිදි පුත් වන නිකොලායි පෙස්කොව් තමන් වැග්නර් නැමැති රුසියාවේ “පුද්ගලික හමුදා සමාගමක්” සමග මාස හයකට ආසන්න කාලයක් සේවය කළ බව පවසා තිබෙනවා

ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ “එය ඔහුගේ යුතුකමක් බවත් මිතුරන් සහ අනෙක් අය එහි යන විට ඔහුට එක පැත්තකට වී බලා සිටිය නොහැකි බවත්ය.”

ව්‍යාජ හැඳුනුම්පතක් භාවිතා කරමින් ඔහු එම සේවයට බැඳුණු බවයි පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙනවා.

රුසියානු ප්‍රභූ පැලැන්තියේ සාමාජිකයෙකු හමුදා කණ්ඩායමට සම්බන්ධ වීමට තෝරා ගැනීම සිදුවන්නේ කලාතුරකින් වන අතර බොහෝ දෙනෙක් හමුදාවට බඳවා ගැනීම වැළකීම සඳහා විදේශගත වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

රුසියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින්, Wagner ප්‍රධානී Yevgeny Prigozhin පවසා තිබෙන්නේ ව්‍යාජ ලියකියවිලි සමග කණ්ඩායමට සම්බන්ධ වීමෙන් පසු පෙස්කොව් මහතාගේ පුත් සති තුනක පුහුණු පාඨමාලාවක් හැදෑරූ බවත් පසුව ඔහු ඒකාබද්ධ කාලතුවක්කු බලඇණියේ කාර්යය මණ්ඩලයකට සම්බන්ධ කළ බවත්ය

යුක්‍රේනයේ සිදු වූ බව කියන යුධ අපරාධ සහ වෙනත් අපයෝජනයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් උසුලන වැග්නර් කණ්ඩායම රුසියාවේ “පුද්ගලික හමුදා සමාගමක්” ලෙසයි හඳුන්වනු ලබන්නේ

සිරගෙවල්වල සිටින වැරදිකරුවන් දහස් ගණනක් ඔවුන් බඳවාගෙන තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This