පැය 48ක සාකච්ඡාවලින් පසු සුඩානය නැවතත් පැය 72ක සටන් විරාමයක

පැය 48ක සාකච්ඡාවලින් පසු සුඩානය නැවතත් පැය 72ක සටන් විරාමයක

සුඩානය ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ පැය 72ක සටන් විරාමයක් සඳහා එකඟතාවය පළ කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම මාසයේදී ආරම්භ වුණු සුඩාන අර්බුදයෙන් ඇතිවූ ප්‍රචණ්ඩත්වය නිසා පැනවූ තුන්වන සටන් විරාමය මෙය වන අතර පැනවූ අනෙක් සටන් විරාම දෙකේදීම නිසි පරිදි එය ක්‍රියාත්මක නොවූ බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සඳහන් කරන්නේ පැය 48 ක සාකච්ඡාවලින් පසු සුඩාන හමුදාව සහ Rapid Support Forces (RSF) නමින් හැඳින්වෙන අවි ගත් කණ්ඩායම (RSF) අතර එකඟතාවකට පැමිණි බවයි.

සටන් ඇවිළීමෙන් පසු මේ වනවිට අවම වශයෙන් පුද්ගලයන් 400ක් පමණ මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සුඩානයේ ප්‍රචණ්ඩත්වය මුළු කලාපයේම පැතිරීයාමේ අවදානමක් ඇති බවටද අනතුරු අඟවා තිබෙනවා.

ප්‍රචණ්ඩත්වය ආරම්භ වූ දා සිට, සටනින් බියට පත් අගනුවර වන කාර්ටූම් හි පදිංචිකරුවන්ට එහි රැඳී සිටින ලෙස දන්වා ඇති අතර ඔවුන්ට ආහාර හා ජල සැපයුම් අඩු වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය පවසනවා

ජල නල වැනි ප්‍රධාන යටිතල පහසුකම්වලට බෝම්බ ප්‍රහාර එල්ල වී ඇති බවද වාර්තා වනවා

සටන් විරාමය සිවිල් වැසියන්ට නගරයෙන් පිටවීමට ඉඩ ලබා දෙනු ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This