ඉන්දු අමෙරිකානු සබඳතා තවත් ශක්තිමත් වෙයි

ඉන්දු අමෙරිකානු සබඳතා තවත් ශක්තිමත් වෙයි

ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යාමට සහ හවුල්කාරිත්ව සහයෝගිතාව පුළුල් කිරීම සඳහා Quad වැනි කණ්ඩායම් ඔස්සේ ඉන්දියාව සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට කැපවී සිටින බව අමෙරිකාව පවසනවා.

අමෙරිකාව සහ ඉන්දියාව අතර වෙළඳාම ඇතුළු ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාවක් පවතින බවයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් Karine Jean Pierre පැවසුවේ.

මේ අතර ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ප්‍රකාශ කළේ ඉන්දියාව සහ අමෙරිකාව ශක්තිමත්, සාමකාමී සහ සුහද ගෝලීය ප්‍රජාවක් සඳහා පදනමක් සකස් කරමින් සිටින බවයි.

දෙරට අතර සබඳතාව ශක්‍තිමත්ව වර්ධනය වනු ඇති බව ද ඇය සඳහන් කළා.

Share This