එක්සත් රාජධානිය සුඩානයෙන් තම වැසියන් ඉවත් කිරීම කඩිනම් කරයි

එක්සත් රාජධානිය සුඩානයෙන් තම වැසියන් ඉවත් කිරීම කඩිනම් කරයි

එක්සත් රාජධානිය සුඩානයෙන් තම ජනතාව හැකි ඉක්මනින් ඉවත් කර ගැනීමේ කඩිනම් මෙහෙයුමක් ආරම්භ කරන බව එරට අගමැති රිෂි සුනක් සඳහන් කර තිබෙනවා

ළමුන්, වැඩිහිටියන් සහ වෛද්‍ය ප්‍රතිකාර තත්ත්වයන් යටතේ සිටින පුද්ගලයින් සිටින පවුල්වලට කාර්ටූම් අගනුවර අසල ගුවන් තොටුපළේ ඇති තම රටේ ගුවන්යානාවලින් පිටත්වීමට ප්‍රමුඛත්වය ලබා දෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ .

එමෙන්ම සුඩානයේ සිටින තම වැසියන් සම්බන්ධ කර ගැනීම ආරම්භ කර ඇති බවද එක්සත් රාජධානිය පවසනවා

එක්සත් රාජධානියේ පුරවැසියන් 4,000ක් පමණ සුඩානයේ සිටින බව විශ්වාස කරන අතර ඔවුන්ගෙන් 2,000ක් දැනටමත් උදව් ඉල්ලා ඇති බව විදේශ අමාත්‍ය ඇන්ඩෘ මිචෙල් සඳහන් කර තිබෙනවා.

බොහෝ අය නිවෙස් තුළ ආහාර පාන නොමැතිව මෙන්ම විදුලිය හෝ අන්තර්ජාල පහසුකම්ද නොමැතිවද සිටින බවයි වාර්තා වී තිබෙන්නේ.

එක්සත් රාජධානිය හමුදා මෙහෙයුමකින් රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ඔවුන්ගේ පවුල් සුඩානයෙන් ඉවත් කර ගෙන ඇති බවද මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළා

සටන් දෙපාර්ශ්වයෙන්ම මේ වනවිට පැය 72ක සටන් විරාමයක් සඳහා එකඟතාවය පළ කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This