ඩ්‍රෝන යානා නිෂ්පාදනය වැඩි කළ යුක්‍රේනය

ඩ්‍රෝන යානා නිෂ්පාදනය වැඩි කළ යුක්‍රේනය

තම ඩ්‍රෝන යානා නිෂ්පාදනය ශීඝ්‍රයෙන් වැඩි කරන බව යුක්‍රේනය සඳහන් කර තිබෙනවා.

එමෙන්ම යුක්‍රේන රජය ආනයන නීති ලිහිල් කර ඩ්‍රෝන යානා කොටස් සහ උපකරණ සඳහා අය කරන බදු ඉවත් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

මේ සඳහා අරමුදල් සපයනු ලබන්නේ ඩ්‍රෝන හමුදාව නමැති අරමුදල් රැස් කිරීමේ ව්‍යාපාරයක් මගින් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ .

යුද්ධයට අවශ්‍ය ඩ්‍රෝන යානා මිලදී ගැනීම සහ නිෂ්පාදනය කිරීම මෙන්ම ඉදිරි පෙළ සඳහා නව ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා ද එම මුදල් වැය කෙරෙන බවයි පැවසෙන්නේ.

යුක්‍රේනයේ නවතම ඩ්‍රෝන හසුරුවන කණ්ඩායම Kyiv නගරයට ආසන්නයේ රහසිගත ස්ථානයක පුහුණු සැසියකටද සහභාගී වූ බවයි සඳහන් වන්නේ

සතුරු ඉලක්කවලට පහරදීම සඳහා නිර්මාණය කර ඇති යුක්‍රේනයේ නිෂ්පාදිත kamikaze ඩ්‍රෝන 100 ක් Bakhmut වෙත යවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

Share This