Hakuto-R රොබෝ යානයේ සඳ ගවේෂණ අසාර්ථක වෙයි

Hakuto-R රොබෝ යානයේ සඳ ගවේෂණ අසාර්ථක වෙයි

සඳ මතට රොබෝ ගවේෂණ යානයක් ගොඩබැස්වීමට ලොව පළමු වරට පුද්ගලික සමාගමක් ක්‍රියාත්මක කළ මෙහෙයුම් ක්‍රියාවලිය අසාර්ථක වී තිබෙනවා

ජපානයේ අයිස්-ස්පේස් (iSpace) පුද්ගලික සමගම විසිනුයි හකූටෝ-ආර්. (Hakuto-R) ලෙස හැඳින්වෙන මෙම රොබෝ චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවේ

එම සමාගම පැවසුවේ යානය සමඟ තිබූ සන්නිවේදන සබඳතා ඊයේ (25) පස්වරුවේ සඳ මත යානය ගොඩබැස්සීම සඳහා සූදානම් වන අවස්ථාවක අහිමි වූ බවයි

අයිස් ස්පේස් සමාගමේ විධායක අධ්‍යක්ෂ තකේෂි හකමාදා (Takeshi Hakamada) පැවසුවේ විනාඩි 25 ක කාලයක් යානයේ සන්නිවේදන බිඳ වැටීම හේතුවෙන් සඳමත ගවේෂණ මෙහෙයුම අසාර්ථක වූ බවට උපකල්පනය කිරීමට සිදු වූ බවයි

යානය පසුගිය දෙසැම්බර් 11 වැනිදා එම සමගම දියත් කරන ලද අතර එහි ගමනාන්තයට ළඟා වීමට මාස පහක් ගත වුණා

එමෙන්ම සන්නිවේදනය බිඳ වැටීම හා මෙහෙයුම අසාර්ථක වීමට හේතුව සොයා බැලීම සදහා විමර්ශන ආරම්භ කර ඇති බව ද එම සමගම වැඩිදුරටත් පැවසුවා

Share This