එක්සත් ජනපදය සහ දකුණු කොරියාව න්‍යෂ්ටික අවි ගිවිසුමකට එකඟ වෙයි

එක්සත් ජනපදය සහ දකුණු කොරියාව න්‍යෂ්ටික අවි ගිවිසුමකට එකඟ වෙයි

එක්සත් ජනපදය සහ දකුණු කොරියාව න්‍යෂ්ටික අවි ගිවිසුමකට එකඟවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උතුරු කොරියාවෙන් එල්ලවන න්‍යෂ්ටික තර්ජනයට මුහුණ දීම සඳහා මෙම ගිවිසුමට එකඟ වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

උතුරු කොරියානු ප්‍රහාරයක් වැළක්වීම සඳහා මිත්‍ර රටවලින් ලැබෙන සහයෝගීතාව ශක්තිමත් බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

උතුරු කොරියාවෙන් එල්ල වී ඇති න්‍යෂ්ටික තර්ජනය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම අවධානය යොමුව තිබෙනවා.

රාජ්‍ය සංචාරයක් සඳහා ධවල මන්දිරයට පැමිණ සිටි දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල් පවසා තිබෙන්නේ න්‍යෂ්ටික අවි භාවිතා කරමින් එක්සත් ජනපදයේ ආරක්ෂාව වැඩි දියුණු කිරීමට මෙහිදී සාකච්ඡා කළ බවයි.

Share This