ගෝලීය බිෂොප්වරුන්ගේ රැස්වීමකදී කාන්තාවන්ට ප්‍රථම වරට ඡන්ද අයිතිය හිමිවෙයි

ගෝලීය බිෂොප්වරුන්ගේ රැස්වීමකදී කාන්තාවන්ට ප්‍රථම වරට ඡන්ද අයිතිය හිමිවෙයි

ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වෙන ගෝලීය බිෂොප්වරුන්ගේ රැස්වීමකදී පාප් වහන්සේ ප්‍රථම වරට කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර දී තිබෙනවා.

එය ඉතිහාසයේ ප්‍රථම වරට සිදුවන්නක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බදාදා ප්‍රකාශයට පත් කරන ලද නව නීති මගින් පාප්තුමාගේ උපදේශක මණ්ඩලයේ සිටින සිනොඩ් හි සොහොයුරියන් පස් දෙනෙකුට ඡන්ද අයිතිය ලබා දී තිබෙනවා.

අතීතයේ කාන්තාවන්ට රැස්වීමට සහභාගී වීමට අවසර ලැබුණේ නිරීක්ෂකයින් ලෙස පමණි.

මෙම රැස්වීමේදී පිරිමින් තවමත් බහුතර ඡන්ද ප්‍රකාශ කරනු ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වුවත් සියවස් ගණනාවක් පුරා පුරුෂ ආධිපත්‍යය දැරූ රෝමානු කතෝලික පල්ලියේ සැලකිය යුතු වෙනසක් ලෙස මෙම නව ප්‍රතිසංස්කරණය සැලකෙනවා.

වසර ගණනාවක් තිස්සේ වතිකානු නියෝජිතයන් සහ බිෂොප්වරුන් කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට විරුද්ධ වූ අතර ඒ සඳහා ඉඩ නොදෙන්නේ මන්දැයි එක්සත් ජනපදයේ පැවිදි සොහොයුරියන්ගේ සංගමය විටින් විට ප්‍රශ්න කර තිබෙනවා.

සම්ප්‍රදායෙන් තවදුරටත් බිඳී, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කළේ, ආගමික ප්‍රජාවේ අතින් තෝරාගත් පූජක නොවන සාමාජිකයන් 70 දෙනෙකුට ද ඡන්ද අයිතිය ලබා දෙන බවයි.

නව ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටිමින් පාප් වහන්සේ පවසන්නේ මෙයින් අඩක් කාන්තාවන් වනු ඇතැයි අපේක්ෂා කරන අතර තරුණයින් ඇතුළත් කිරීම කෙරෙහි ද අවධානය යොමු කරන බවයි.

එය වැදගත් වෙනසක්, විප්ලවයක් නොවේ, සිනොඩ් හි ඉහළ සංවිධායක කාදිනල් ජීන් ක්ලෝඩ් හොලෙරිච් පැවසීය.

නමුත් මෙම නවතම තීරණය සම්බන්ධයෙන් පල්ලියේ සමහර කොටස් වලින් පාප් වහන්සේට සැලකිය යුතු ප්‍රතිරෝධයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ලැම්බ් මහතා පවසා තිබෙනවා.

Share This