තුර්කි ජනපති රැස්වීම් අවලංගු කරයි

තුර්කි ජනපති රැස්වීම් අවලංගු කරයි

තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan ඔහු සහභාගී වීමට සැලසුම් කර තිබූ සියලු මහජන හා දේශපාලන රැස්වීම් අවලංගු කර තිබෙනවා.

උදරාබාධයක් හේතුවෙන් තුර්කි ජනාධිපතිවරයා මෙලෙස ඔහු සහභාගී වීමට සිටි දේශපාලන රැස්වීම් අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan වෙනුවට උප ජනාධිපති Fuat Oktay එම දේශපාලන රැස්වීම් සඳහා සහභාගී වීමට සැලසුම් කර තිබෙනවා.

තුර්කි ජනාධිපතිවරයා සිය නිවසේ සිට ප්‍රතිකාර ලබා ගන්නා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This