සයනයිඩ් විෂ දී මිතුරන් 12 දෙනෙකු ඝාතනය කළා යැයි සැකපිට කාන්තාවක් අත්අඩංගුවට

සයනයිඩ් විෂ දී මිතුරන් 12 දෙනෙකු ඝාතනය කළා යැයි සැකපිට කාන්තාවක් අත්අඩංගුවට

සයනයිඩ් විෂ ශරීරගත කිරීමෙන් මිතුරන් 12 දෙනෙකු ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තාවක් තායිලන්ත පොලිසිය විසින් බැංකොක් හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ අදාළ කාන්තාව සමග සංචාරයකට එක්වූ තරුණියක් සැක කටයතු ලෙස Siriporn Khanwong ගං ඉවුරේ දී මියයාම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ඇයගේ සිරුරේ සයනයිඩ් අංශු හමු වී ඇති බවයි.

එහිදී එම කාන්තාව විසින් 2020 වසරේ සිට සිදුකළ ඝාතන පිළිබඳ තොරතුරු රැසක් ද අනාවරණය වී තිබෙනවා

එලෙස ඝාතනයට ලක්වූවන් අතර ඇගේ හිටපු පෙම්වතා සහ කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු ඇතුළු මිතුරන් පිරිසක් සිටින බව සඳහන්.

ඔවුන්ගේ මෘත ශරීර තුළින් ද සයනයිඩ් අංශු අඩංගු වී තිබී ඇති බවට මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ

මුදල් සහ ස්වර්ණාභරණ ලබා ගැනීමේ අරමුණින් එලෙස ඔවුන් ඝාතනය කර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ

Share This