ටියුනීසියානු මුහුදෙන් හමු වූ සංක්‍රමණික මළ සිරුරු

ටියුනීසියානු මුහුදෙන් හමු වූ සංක්‍රමණික මළ සිරුරු

ටියුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් මළ සිරුරු 200 කට අධික සංඛ්‍යාවක් ගත වූ දින 10 ක කාලය තුළ සොයාගෙන ඇති බව එරට බලධාරීන් පවසනවා.

නීතිවිරෝධී ලෙස අප්‍රිකාවේ සිට යුරෝපයට සංක්‍රමණය වීමට උත්සාහ කළ සංක්‍රමණිකයින් මෙලෙස මියගොස් ඇති බවයි විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ.

ඒ අනුව ගත වූ දින 10 ක කාලය තුළ මළ සිරුරු 210 ක් ටියුනීසියානු බලධාරීන් විසින් සොයාගෙන ඇති අතර ඒවා ඉවත් කර භූමදානය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සඳහන්.

නීතිවිරෝධී සංක්‍රමණ නවතා දැමීමට ආරක්ෂක අංශ උපරිම උත්සහයක නිරත වන බවයි ටියුනීසියානු ආරක්ෂක බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

ගැටුම් සහ දරිද්‍රතාව හේතුවෙන් අප්‍රිකාවේ සහ මැදපෙරදිග රටවල සිට යුරෝපා රටවලට පලායන සංක්‍රමණිකයන් අනාරක්ෂිතභාවයෙන් යුත් යාත්‍රාවලින් ගමන් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

Share This