සිසුන් 66කගේ ජීවිත බේරාගත් සිසුවා

සිසුන් 66කගේ ජීවිත බේරාගත් සිසුවා

ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයෙන් සිසුන් පිරිසක් රැගත් බස් රථයක් ධාවනය කරමින් සිටිය දී රියදුරු හදිසියේ රෝගී වීමත් සමග බස් රථය ආරක්ෂිතව නවතා ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ 13 හැවිරිදි එම දරුවා රියදුරු රෝගී වී සිටින බව දැක එලෙස බස් රථය ධාවනය වීම නවතා ගෙන ඇති බවයි.

ඒ සමගම ඔහු සිය මිතුරන්ට පවසා ඇත්තේ හදිසි සේවා අංශ අමතන ලෙසයි.

එම අවස්ථාවේ බස් රථයේ සිසුන් 66 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එම ක්‍රියාව සම්බන්ධයෙන් අගය කරමින් දරුවා බොහෝ දෙනාගෙන් ප්‍රශංසා ද හිමි වුණා.

 

Share This