සර්පයින් රැගෙන ආ කාන්තාවක් චෙන්නායි ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට

සර්පයින් රැගෙන ආ කාන්තාවක් චෙන්නායි ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට

විවිධ විශේෂවලට අයත් සර්පයන් තොගයක් රහසිගතව රැගෙන ආ කාන්තාවක් චෙන්නායි ගුවන් තොටුපලේ දී රේගු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාව මලයාසියාවේ ක්වාලාලම්පූර් සිටයි චෙන්නායි වෙත පැමිණ ඇත්තේ

එම කාන්තාව විසින් ඇය රැගෙන ආ ගමන් මලු තුළ විනිවිද පෙනෙන ප්ලාස්ටික් බහලුම්වල බහා එලෙස සර්පයන් විසි දෙදෙනෙකු රැගෙන පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

අදාළ කාන්තාවට වනජීවී ආරක්ෂණ පනත යටතේ නීතිමය පියවර ගන්නා බවයි වාර්තා වන්නේ

Share This