ඉන්දියාව සමග ජෙට් එන්ජින් ගනුදෙනුවකට අමෙරිකාව සැරසෙයි

ඉන්දියාව සමග ජෙට් එන්ජින් ගනුදෙනුවකට අමෙරිකාව සැරසෙයි

ඉන්දියාව සමග GE ජෙට් යානා එන්ජින් ගනුදෙනුව සිදු කරන බවට සහතික වීමට එක්සත් ජනපදයට අවශ්‍ය බව අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල සභික Ro Khanna පවසනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු සංචාරයට පෙර එම ගනුදෙනුව සිදු කළ යුතු බවයි ඔහු පවසන්නේ.

අමෙරිකාව ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව ද ඔහු සඳහන් කළා.

සෝවියට් හමුදාවට අයත් උපකරණ හොඳින් ක්‍රියා නොකරන අතර සෝවියට් සංගමය චීනය දෙසට ගමන් කරන බව ඉන්දියාව තේරුම් ගෙන ඇති බවයි අමෙරිකානු කොංග්‍රස් සභික Ro Khanna පැවසුවේ.

ඒ අනුව අමෙරිකාව සමග ශක්තිමත් සබඳතාවක් ගොඩ නගාගැනීම සඳහා ඉන්දියාව විවෘතව පවතින බව ද ඔහු අවධාරණය කළා.

Share This